මත්තලින් බුද්ධගයාවට


මත්තල සිට බුද්ධගයාවට සහනදායී ගුවන්ගමන් ගාස්තු යටතේ ගුවන් ගමන් අරඹන බව  මිහින් ලංකා ගුවන්සේවය කියයි.
එම ගුවන්සේවය මෑතකදී මිළදී ගත් මගීන් 178  කට ගමන් කළ හැකි ඒ320-200 ගුවන් යානාව මේ සඳහා යොදාගැනේ.
මාර්තු 24   කටුනායක සිට මත්තල හරහා බුද්ධගයාව වෙත මුල්ම ගුවන් ගමන පිටත්ව  යාමට නියමිතය.  එහි ආසන සියල්ලම වෙන්කර ඇති බව එම ගුවන්සේවය කියයි. බුද්ධගයාව වෙත ඊලග ගුවන්ගමන මාර්තු 31 දින පිටත්වීමට නියමිතය.
මිහින්ලංකා ගුවන්සේවය මත්තලට යන මුල්ම ගුවන්ගමන ලබන 18 වෙනිදා දහවල්  කටුනායකින් පිටත්ව ගොස් එදිනම සවස යලි කටුනායකට පැමිණීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ පලපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙකු වන   කපිතාන් පූජිත ජයකොඩි සහ කපිතාන් තේමිය අබේවික‍්‍රම එහි ගුවන්නියමුවෝ වෙති.