යොහාන් භාසුර
කොළඹ කොටස් හුවමාරුවට අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය, ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු එම ආයතනය සමඟ සම්බන්ධ වන ජනතාවගේ පහසුව සඳහා 0112356444 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දුන්නේය.
මෙම ක්ෂණික දුරකථන අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8:30 සිට පස්වරු 5:00 දක්වා ක්‍රියාත්මක වන අතර ඉක්මනින් විමසුම් නිරාකරණය කිරීම සක්‍රීය කිරීම සහ සෑම ඉල්ලීමක්ම නිරීක්ෂණය කළ හැකි බව සහතික කිරීම හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණ බව ද එම ආයතනය සඳහන් කරයි.
ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු පාර්ශවකරුවන් සඳහා වැඩි දියුණු කළ විමසුම් නිරාකරණය සහ සහාය දීමට මෙන්ම මධ්‍යම තැන්පතු ක්‍රමය වෙතට සෘජු ප්‍රවේශය දීම සඳහා මෙම නව දුරකථනය හඳුන්වා දුන් බව ද එම ආයතනය සඳහන් කළේය.
ඇමතුම්කරුවන්ට ඔවුන්ගේ විමසීම් සඳහා ටිකට් අංකයක් ලැබෙනු ඇති අතර ඒවා පසු විපරම් සහ යොමු කිරීම් සඳහා භාවිත කළ හැකි බවත් එමඟින් විනිවිදභාවය සහ පහසුව සහතික කරන බවත් මධ්‍යම තැන්පතු ක්‍රමය පවසයි.