මහජන බැංකු ‘ජය ශ්‍රී‘ කාරය උණවටුනට


මහජන බැංකුවේ ‘ජය ශ්‍රී‘ මහා තෑගි තරඟයේ 2012 අගෝස්තු දිනුම් ඇදීමෙන් මයික්‍රෝ පැන්ඩා රථය දිනාගත් උණවටුනේ ධම්ම ජයන්ති මහත්මියට ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ආනන්ද පතිරණ මහතා එම රථය පිරිනමයි.

අඟල් 12 එල් ඊ ඩී රූපවාහිනී, මික්ස්චර් ග්‍රයින්ඩර් හා වර්ෂාවසාන දිනුම් ඇදීමෙන් හොන්ඩා සිවික් රථයක් ද පැරිනැමේ.

මයික්‍රෝ පැන්ඩා රථය මාස්පතා දිනා ගත හැකි බව බැංකුව කියයි.

ගාල්ල සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඒ එස් කේ ගඟබඩගේ, ආරක්ෂක අධිකාරී ඔස්මන් කිත්සිරි, නියෝජ්‍ය කළමනාකාර එම් කේ ධර්මපාල, ගාල්ල මහවීදිය ශාඛා කළමනාකාර ගාමිණී ධර්මසිරි, නියෝජ්‍ය කළමනාකරු ජේ පී මර්වින්, පෙට් මධ්‍යස්ථාන කළමනාකරු එච් ජී සුසිරිපාල යන මහත්වරු ද සහභාගී වූහ.