මහජන බැංකුව නව වසරේ වැඩ අරඹා


සෙත් පිරිත් සඡ්ඡායනය ඇතුළු සර්ව ආගමික වැඩසටහන

 

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන අයුරු.


  •  දිවයින පුරා ශාඛාවලත් උත්සව

මහජන බැංකු කාර්ය මණ්ඩලය Clean Sri Lanka ප‍්‍රතිඥාව ලබාදෙමින් 2025 ජනවාරි 01 වැනිදා නව වසරේ වැඩ ආරම්භ කළේය. මේ නිමිත්තෙන් කොළඹ 02, මහජන බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙහිදි මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු කාර්ය මණ්ඩලය ඇමතූහ. මීට අමතරව මෙදින සෙත් පිරිත් සඡ්ඡායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි. 

මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයෝ, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ හා කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, ඒවායෙහි කාර්ය මණ්ඩලද Clean Sri Lanka ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.