(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
මතුගම වැලිපැන්නේ මහේන්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) නිල වශයෙන් විවෘත විය.
මෙහි දී පළමු නිෂ්පාදනය වන Mini SUV KUV100 වර්ගයේ කාර්රථයද එළි දැක්වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්, මහේන්ද්‍රා මෝටර් රථ සමාගමේ සභාපති නලින් වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහේන්ද්‍රා මෝටර් සමාගමේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු ඉන්දීය ජාතිකයෝ පිරිසක් එක්ව සිටියහ.