මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර


මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ.

රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ට ජපාන විශ්වවිද්‍යාල වලදී සිය වෘත්තියට අදාළ වන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මේ ආධාර මුදල් යොදාගෙන ඇරඹීමට සැළැසුම් කර තිබේ.

වැඩසටහනේ අරමුණ රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථීක හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට යොදාගැනීමයි.