ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතමDIMO CAREHUB ශාඛාව පසුගියදා විවෘත කළේය. මීගමුව සහ හලාවත ප්‍රදේශ මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත සහ ගෘහස්ථ විසඳුම් යන සියලුම අංශ සඳහා පුළුල් සේවාවක් සලසනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. ”මාරවිල සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාව සවිමත් කිරීම අපගේ මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ප්‍රවාහන, කෘෂිකර්මාන්තය මෙන්ම ගෘහස්ථ විසඳුම් පිළිබඳ නවීනතම විසඳුම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් මෙම කලාපයේ ජනතාවගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට අපි අපේක්ෂා කරනවා.”