මාස 3 කදී රටට රැකියා 30,000ක් අහිමි වෙලා


(සුජිත් හේවාජූලිගේ)


රටේ සියලු ප්‍රශ්න මතුවී ඇත්තේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි වියත් මග සංවිධානයේ සාමාජිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පැවසුවාය.


යහපාලන ආණ්ඩුව රැකියා දස ලක්ෂයක් බිහි කරනවා යැයි කියමින් බලයට ආවත් පසුගිය මාස තුනේදී පමණක් රටට රැකියා 30,000ක් පමණ අහිමි වී තිබෙන බව කී හේරත් මහත්මිය විදේශ ආයෝජනද දරුණු ලෙස කඩා වැටී ඇතැයි සඳහන් කළාය.


රටේ ආර්ථික අර්බුදය ලෝක තත්ත්වයක් නිසා ඇතිවූවක් යැයි පැවසීම විහිලුවක් බවද ඇය ප්‍රකාශ කළාය.


හේරත් මහත්මිය මේ බව පැවසුවේ කෝට්ටේ පිහිටි වියත් මග කාර්යලයේදී අද (07) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.