හර්ෂණ තුෂාර සිල්වා
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසු වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ගත්කළ කලාපීය වශයෙන් වැදගත් මූල්‍ය මධ්‍යස්ථානයක් නොවුණ ද එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවන බව එම වාර්තාවේ සඳහන් වේ.
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ලද වාර්තාවේ එම කරුණු සඳහන්ව ඇත.
එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
“පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදුව නොමැත. දේශපාලනඥයකු ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් ගත් උත්සහායක් ව්‍යාර්ථ කළ බව පොලිසිය සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැවත නැගී සිටීමක් සිදුවීම පිළිබඳව අවදානය යොමු කරමින් පශ්චාත් යුද ප්‍රදේශවල වැඩි වශයෙන් ආරක්ෂක අංශ රඳවා තබාගැනීමට රජය පියවර ගෙන ඇත.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් අයි.එස්.අයි.එස් ඇතුළු ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී තිබෙන අතර ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ද අවදානය යොමු කර ඇත.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලංකාව අවදානමේ
Recommended Articles