පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම සියයට 13.4කින් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි.
2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරකයන්ගේ පැමිණීම එක දිගටම 45 වැනි මාසය දක්වා ඉහළ ගිය බව එම තොරතුරු පවසයි.
මේ වසරේ ජනවාරියේදී පැමිණි සංචාරකයන් ගණන 97411ක් විය. 2012 ජනවාරියේ සංඛ්‍යාව 85840කි.
ගිය වසරේ සංචාරක පැමිණීම දස ලක්ෂය ඉක්මවීය.
ආදායම ද රුපියල් සිය කෝටිය ඉක්ම වීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රට සල්ලි ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.
තේ කර්මාන්තය ද, එතෙර සිටින ශ්‍රමිකයෝ ද, ඇඟළුම් කර්මාන්තය ද රට සල්ලි උපයන තවත් ප්‍රධාන මාර්ගයෝය.