රජරට පුංචි හෝටලේට සංචාරක හිත


පොලොන්නරුවේ  නගරයෙන්  බැහැරව ගම්බද ප්‍රදේශවල පිහිටි ලැගුම්හල්,සංචාරක නිකේතන ආදියට මේ දින වල  විදේශිය සංචාරකයෝ  විශාල වශයෙන් පැමිණෙති.

පොළොන්නරුව බැඳි වැව ගම්මානයේ  පිහිටි කුඩා හොටෙල්  හිමියකු  වන  කේ පී  ආරියදාස (43) මහතා පැවසුයේ තම හෝටලයට දිනකට විදේශිය සංචාරකයින් 40-50 ක් පමණ  පිරිසක් ආහාර පාන ලබා ගැනීම සඳහා  පැමිණෙන බවයි. ඔවුන්ට තමා සපයන සේවා සම්බන්ධයෙන්  තෘප්තිමත් වන බවද  හෙතෙම කීවේය.

ඔහුගේ එකම දියණිය වන  කේ පී  නෙත්මිණි ලක්ෂාණි (20) මෙනවිය අප සමඟ පැවසුයේ  පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු  හෝටලයේ කටයුතුවලට සහය වන බවයි.