රට දියුණුවේ මග ජනපති කියයි


සියලූ දෙනා සුභවාදීව සිතන්නේ නම් ශ්‍රීලංකාව දියුණුවෙන් දියුණුවට පත්කිරීම සුලූ දෙයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති මේ බැව් සදහන් කළේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ 2012 වසර සදහා වන වාර්තාව ඉදිරිපත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

 එම වාර්තාව අනුව 2012 වසරේ ආර්ථීක වර්ධන වේගය සියයට 6.4 කි.නමුත් 2011 වසරේ එය සියයට 8 ක් විය.මෙය ඇතැමුන්ට රජය විවේචනය කිරීමට හොද මාතෘකාවක් වනු ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවැසීය. නමුත් ලෝක ආර්ථීක අර්බුදය හමුවේ රජය විසින් ගත් පියවරයන් නිසා නොවේනම් මේ තරමටවත් ආර්ථීක වර්ධන වේගයක් පවත්වාගත නොහැකි වනු ඇතැයි ජනාධිපති කීය.

තවද මාස 50 ක් පුරාවට උද්දමනය තනි අංකයක පවත්වා ගැනීම රජය ලත් තවත් ජයග්‍රහණයක් බව ජනපතිවරයාගේ අදහස විය.මෙයත් සියයට 6.4 ක ආර්ථීක වර්ධන වේගයත් ශ්‍රීලංකාවේ ආර්ථීකයේ ශක්තිමත් භාවය පෙන්වාදෙන්නේ යැයි රාජපක්ෂ මහතා පැවැසුවේය.

තවද උතුරේ ක්‍රියාත්මක වන වැඩසටහන් ගැනද රැස්ව සිටි පිරිස දැනුම්වත් කරනු ලැබීය.දැනට ලක්ෂ 2140 ක මුදලක් උතුරේ සංවර්ධනය සදහා යොදවා ඇති බවත් නොනවත්වා රජය විවේචනය කිරීමට විනා රජය විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කතා කිරීමට

විවේචන,ගැරහුම් හමුවේ හෝ රජය ඉදිරියටත් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේය.සුබවාදීව සිතා රටේ සංවර්ධනය වෙනුවෙන් සැමදෙන එක්විය යුතුයැයි ජනාධිපතිසදහන් කළේය.