(මුදිතා දයානන්ද)
සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව රටවල් 48 ක සංචාරකයන්ට වීසා ගාස්තු රහිතව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක, වනජීවි හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (28) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ කොල්ලූපිටිය, හෝටල් පාසලේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සංචාරකයින්ට වීසා ගාස්තු නිදහස් කළද වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීම අහෝසි කර නැති බවද ඒ ක‍්‍රමවේදය එලෙසින්ම සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙලෙස වීසා ගාස්තු රහිතව පැමිණිමට අවසර ලැබී ඇති රටවල් වන්නේ ඔස්ටි‍්‍රයාව, ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, කාම්බෝජය, චීනය, ක්‍රෝඒෂියාව, සයිප‍්‍රසය, ඩෙන්මාර්කය, එස්තෝනියා, ෆින්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ගී‍්‍රිසිය, හංගේරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, රුසියාව, සිංගප්පුරුව, දකුණු කොරියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, යුක්රේනය, චෙක් ජනරජය, මෝල්ටාව, එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය වේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් මැයි හා ජුනි මාස දෙක තුළ සංචාරකයින්ගේ පැමිණීම 37,000ක් දක්වා විශාල අඩුවක් සිදුවුද ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය ගොඩනගා සංචාරකයින් ගෙන්වා ගැනීමට හැකිවූ බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
අද වන විට සංචාරකයින් 112,167ක් පැමිණ සිටින බවද තව 20,000ක් බෝරා සමුළුවත් සමග පැමිණීමට නියමිතව තිබෙන මේ වසර අවසන් වන විට ලක්ෂ 21ක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද බවද අමාත්‍යවරයා පැවසීය. මේ තත්ත්වය ඇති කරගැනීමට හැකිවුයේ මෙරට පොලිසිය, හමුදාව ඇතුලූ ආරක්ෂක අංශ විසින් ත‍්‍රස්තවාදි කණ්ඩායම් අත්අඩංගුවට ගනිමින් මෙහෙයුම් කර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශිකයන් තුළ විශ්වාසය ගොඩනැගීමට සමත් වූ නිසා බවද ඔහු පැවසීය.