රබර් අපනයන ආදායමේ සියයට 7ක වර්ධනයක්


\

  • ඩො.බි. 11.67ක් දක්වා ආදායම ඉහළට
  • පසුගිය නොවැම්බර් ආදායම පහළ ගිහින්
  • කාර්මික සහ ශල්‍ය අත්වැසුම් අපනයනත් ඉහළට

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන අපනයන ආදායම 2023 වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු මාස 11දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67 දක්වා සියයට 7 ක ප්‍රතිශතයකින් වර්ධනයවී ඇතැයි ෆොර්බ්ස් සඟරාව පවසයි.
සමස්තයක් ලෙස මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම පසුගිය වසරේදී පෙර වසරට සාපේක්ෂව වර්ධනය පෙන්නුම් කර ඇතත් 2023 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රබර් නිෂ්පාදන අපනයන ආදායම සියයට 1.96 ක ප්‍රතිශතයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 77.2 දක්වා පහත වැටී ඇතැයි ද ෆෝර්බ්ස් සඟරාව ප්‍රකාශ කළේය.
එයට හේතුවී ඇත්තේ රබර් ටයර් සහ ටියුබ් අපනයනය එම මාසයේදී සියයට 22.95 ක ප්‍රතිශතයකින් පහත වැටීම බවද ෆෝබ්ස් සඟරාව පැවැසුවේය. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී පෙර වසරට සාපේක්ෂව රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය සියයට 8.25 ක ප්‍රතිශතයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 920.81 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රබර්වලින් නිෂ්පාදිත කාර්මික සහ ශල්‍ය අත්වැසුම් අපනයනය එම මාසයේදී සියයට 21.74 කින් ඉහළ ගොස් ඇති බවත් ෆෝර්බ්ස් සඟරාව ප්‍රකාශ කළේය.