(හර්ෂණ තුෂාර සිල්වා)
යම් යම් බලපෑම් තිබුණ ද මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
විවිධ අහිතකර අනුමාන නිසා සැප්තැම්බර් මාසයේ දී රුපියලේ අගය පහත වැටුණු නමුත් පසුගිය සතිය වනවිට රුපියල ස්ථාවර වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව මේ වසරේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.3 % කින් ඉහළ ගොස් ඇත.
මේ අතර රොයිටර් පුවත් සේවයේ දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ දී රුපියලේ අගය 0.4% කින් ද මේ වසරේ මේ දක්වා කාලයේදී රුපියලේ අගය 1.1% කින් ද ඉහළ ගොස් තිබේ.