(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය අද (30) ආරම්භ කළේය.
මෙහි ප්‍රථම මංගල ගුවන් ගමන තායි ලයන් ගුවන් එයා ගුවන් සේවයේ එස්.එල්.- 230 දරන ගුවන් යානය තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.
මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් කටුනායක ගුවන් තොටුපළේදී මහත් හරසරින් යුතුව කටුනායක ගුවන්තොටුපළ වෙත පිළිගන්නා ලදී.
මෙම ගුවන් ගමන සඳහා මෙම ගුවන් සේවය බෝයිං 737 - 900 වර්ගයේ නවීනතම ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි මගීන් 122 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 07 ද පැමිණ සිටියහ.
මෙම නව ගුවන් සේවාව සතියේ සෑම දිනකම තායිලන්තයේ ඩොංමියෑං සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .