පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවේ මිදි අස්වැන්න නෙළන කාල සීමාව තුළ මෙම තත්ත්වය උදාවී ඇති බව ගොවි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් ද රුසියාව මිදි ටොන් 27,434.29 ක් ආනයනය කර තිබේ.
ඉන්දියාව ලංකාවට මිදි අපනයන සාපේක්ෂව කුඩා වුවද රුසියාව ඉන්දියාවේ ප්‍රධාන මිදි අපනයන ගමනාන්තයක් වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දන්වා තිබු නිර්ණායකයන් සපුරා ඇති බවත් අපි ලංකාවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ගොවි නිෂ්පාදන සමුහයේ සභාපති විලාස් ෂින්ඩේ මහතා පැවසීය.
ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි
(28535)