මෙරට සංචාරක කර්මාන්තය රුසියාවේ සහ යුක්රේනයේ ප‍්‍රචලිත කිරීම සඳහා සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී අද ආරම්භ විය.
මෙම වසරේදී රුසියාවෙන් සහ යුක්රේනයෙක් වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීම මෙහි අරමුණ වෙයි.
මෙම දැවැන්ක ප‍්‍රවර්ධන වැඩසටහන මොස්කව් සහ කිව් නගරයන්හි තෙසතියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සංචාරක වෙළඳ කුටි ස්ථාපනය කිරීම, ශ‍්‍රී ලංකා සංචරණය පිළිබඳව වැඩමුළු, සංස්කෘතික සංදර්ශන, ජායාරූප ප‍්‍රදර්ශන සහ මාධ්‍ය හමුවීම් මෙම වැඩසටහන පැවැත්වෙන කාලය තුළ පැවැත් වෙන අතර මොස්කව්හි පැවැත්වෙන ලෝ සුපතල යුක්රේන සංචාරක සමුළුව වැනි සංචාරක සහ වෙළඳ ප‍්‍රදර්ශන රැසකටද මෙහිදී සහභාගී වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේද සහාය සහිතව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර ඇත.
අද ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සුප‍්‍රසිද්ධ ඩිබෙන්කෝ සුපිරි වෙළෙද සංකීර්ණයේදී ආරම්භ වූයේ මෙහි පළමු වැඩසටහනයි.
මේ සඳහා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය, ලක්සල, සිද්ධාලේප, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සහ ප‍්‍රසිද්ධ සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම් රුසක් සහභාගී වීමට නියමිතය. තවද ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම්වල රුසියාවේ සහ යුක්රේනයේ සිටින පාර්ශ්වකරුවන් මෙම වැඩසටහනට සහාය ලබාදෙයි.
පසුගිය වසර 5 තුළ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ උත්සාහයෙන් යුතුව රුසියානු සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අමිල මෙහෙයක් ඉටුකර ඇති බව සංචාරක ප‍්‍රවර්ධන කාර්්‍යංශය කියයි.
2012 වසරේදී රුසියානු සමූහාන්ඩුවට අයත් රටවල් වෙතින් ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 51,746 කි.