(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව විසින් ලබාදෙන පහසුකම් ප‍්‍රමාණවත් නොමැති වීම හා එම චීන සංචාරකයින් භාෂාමය ගැටලුවට මුහුණ පාන බව ශ‍්‍රී ලංකාවේ චීන තනාපති ෂෙංග් ෂුවැංග් මහතා විසින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට පෙන්වා දී ඇත.
සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග , සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ඇතුළු මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ජාවකදී චීන තානාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් වන අතර එම ප‍්‍රමාණය ලක්ෂ 3ක් වූ නමුත් ශ‍්‍රී ලංකාව තුළදී චීන ජාතිකයින්ට භාෂා ගැටළුවලට මුහුණ දීමට සිදුවන ඇතැයි චීන තානාපතිවරයා මෙහිදී සංචාරක අමාත්‍යවරයා හමුවේ පැවසීය.
චීන භාෂාව කතා කළහැකි දේශීය සංචාරක මගපෙන්වන්නන් ප‍්‍රමාණවත් පිරිසක් රට තුළ නොමැති සේම සංචාරක කේෂ්ත‍්‍රය ශ‍්‍රී ලංකාවට පනවා ඇති ඇතැම් නීති රීති හා සීමාවන් සම්බන්ධයෙන්ද සතුටුවිය නොහැකි බව චීන තානාපති මෙහිදී ප‍්‍රකාශ කර ඇත.
තවද මෙරටට පැමිණෙන තම වැසියන් ආහාර ලබාගැනීමට චීන අවන්හල් අපේක්ෂා කළද එවායේ ආහාර ඔවුන්ට සරිලන පරිදි පිසීමට චීන කෝකියන් නොමැති වීම පිළිබඳවද තානාපතිරයා මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.
එවැනි චීන සුපවේදින් සඳහා මෙරට සේවයට පැමීණීමට වීසා ලබාගැනීම අපහසු කටයුත්තක් ව ඇති බවද තානාපතිවරයා පැවසීය .
එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ චීන සංචාරකයින් සඳහා අවශ්‍ය චීන දුම්වැටි හා මධ්‍යසාර ලබාගැනීමට නොහැකිවීමද ගැටළුවක් බව ඔහු සංචාරක අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.