(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකඟතාවය පළ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවය පළ වූ බවද එම අමාත්‍යාංශය කියයි.
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවැති එම සාකච්ඡාවට කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් මහතා ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් එක් ව සිටියහ.
ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවයි. ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව ද මෙහි දී අවධාරණය කෙරිණි.
කෘෂිකාර්මික අපනයන සඳහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන බව ද කීහ.