ලයන් බෲවරි නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි



ලයන් බෲවරි සමාගමේ නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සමාගමේ අපනයන ධාරිතාව වර්ධනය කර ගැනීමටත් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් ස්ථාපනයකර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවනු ඇත.

Lion Brewery (Ceylon) PLC සමාගම, විශේෂිත නිෂ්පාදන (Specialty & Craft Brews) සඳහා මෙරට ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගිය දා විවෘත කළේය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන මෙම පරිශ්‍රය, අති නවීන තාක්ෂණයෙන් සවිමත්ය. මෙම මධ්‍යස්ථානය පවතින නිෂ්පාදන තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පර් යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම නව නිෂ්පාදන සඳහා වෙන් වූවකි. මෙය, එම සමාගමේ නවෝත්පාදන ගමන් මගේ තවත් එක් සුවිශේෂ සංධිස්ථානයක් වනු ඇති අතර, ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා ඇති ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට මහත් මෙහෙවරක් සිදු කරනු ඇත.  පසුගිය වසර 6 ක කාලය තුළ පමණක් රු. බිලියන 304.9 ක බදු දායකත්වයක් ලයන් බෲවරි සමාගම ලබාදී ඇත.