(සුජිත් හේවාජූලිගේ)
ලෙලි කජු මෙට්‍රික් ටොන් 6000ක් විදේශයෙන් ගෙන්වීමට රජය තීරණය කර ඇත.
රටේ කජු හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවැසීය.
ලෙලි කජු පිටරටින් ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇතැයි කී සභාපතිවරයා දේශීය අස්වැන්නට බාධාවක් ඇති නොවන පරිදි ලෙලිකජු ගෙන්වන බව ද පැවසීය.
ලෙලිකජු හිඟය නිසා දේශීය කජු සැකසුම් මධ්‍යස්ථාන රැසක් වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ද ඔහු පැවසීය.
මේ අතර රේගු බදුවලින් වසන් වී මෙරටට හොරෙන් කජු මද ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන හෙයින් ඒ ජාවාරම අල්ලා ගැනීමට අදාළ අංශ ක්‍රියාත්මක විය යුතු බවත් පවසන දම්සිරි කරුණාරත්න මහතා කජු සංස්ථාව පිටරින් කජුමද ගෙන්වීම නොකරන බව ද ප්‍රකාශ කළේය.