(ටී.කේ.ජී. කපිල)
ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ. මෙම සම්මාන උළෙල රැසියාවේ මොස්කව් නුවර දී පැවැත්විණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2016 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මානය දිනා ගෙන ඇති අතර, මෙම සම්මාන උළෙලේදී " ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය " ට හිමි සම්මානය ද දිනා ගෙන ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 11 කට ද , මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත වෙත ද, බංගලාදේශයේ ඩකා, පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් ඇතුළු දකුණු ආසියාවේ ජනප්‍රිය නගරවල පිහිටි ගුවන් තොටුපළ වෙත ද තම ගුවන් යානා පියාසර කරවයි.එසේම මාලදිවයිනේ මාලේ සහ එංගලන්තයේ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් සේවා ද ක්‍රියාත්මක කරවයි.