(තිළිණි ද සිල්වා)
ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර ප‍්‍රධාන රටවල් 100 අතරට ශ්‍රී ලංකාවද තේරී පත් ව ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ.
ඒ අනුව ලබන වසරට අදාළව නිකුත් කෙරෙන මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පත් වී ඇත.
ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා තෝරා ගනු ලැබූ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව මෙම ස්ථානයට තේරී පත්ව ඇත.
ඉකුත් වසරේදී මේ සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන කළ දර්ශකයට අනුව ශ‍්‍රී ලංකාව පසුවූයේ 111 වැනි ස්ථානයේ වන අතර මෙවර එය ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
ලෝකයේ ව්‍යාපර සඳහා හිතකර රටවල් ලැයිස්තුවේ මෙහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තය, සිංගප්පූරුව සහ ඩෙන්මාර්කය යන රටවල් තේරී පත් වී ඇත.