(රංජන් කස්තුරි)
මේ වසරේ පළමු මාස හතරේදී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
පොලී අනුපාත ඉහළ යාම, රටේ ආර්ථික කටයුතුවල අඩු වර්ධනය, ව්‍යාපාරයන්හි විශ්වාසවන්තභාවය අඩුවීම මෙන්ම විවිධ ව්‍යාපෘති සඳහා රජය පියවිය යුතු බැංකු ණය ප්‍රමාදවීම ආදී කරුණු බලපෑ බව මහ බැංකුව පවසයි.
2018 වසරේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට නිකුත් කළ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබිණි.