යොහාන් භාසුර
ශ්‍රී ලංකාව ඉදිරි වසර පහ තුළ වාහන සහ උපාංග අපනයනය කිරීම සහ සංරචක අපනයන ආදායම ඩොලර් මිලියන 800 සිට ඩොලර් බිලියන 2 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි.
මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ අමතර රැකියා 45,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
දේශීයව එකලස් කළ වාහන සඳහා ප්‍රමුඛත්වය දෙන තරගගාරී බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කරන ලෙස ආයෝජකයන් ඉල්ලා සිටින බවත් එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් වාහන කර්මාන්ත අංශය ඉදිරියට ගෙන යෑමට, ආයෝජකයන් ආකර්ශනය කිරීමට සහ දිගුකාලීන ශක්‍යතාව සුරජෂිත කිරීමට බලපානු ඇති බවත් ඔවුහු සඳහන් කරති.
වාන එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනය යන කර්මාන්ත දියුණු කිරීෙමන් ආර්ථිකය සිවිබල ගැන්වීය හැකි බව කියන ආර්ථික විශේඥයෝ රැකියා උත්පාදනය, විදේශ විනියම ආරක්‍ෂා කිරීම සහ තාක්‍ෂණික නවෝත්පාදනය වැනි අමතර ආර්ථිකමය දීමනා ද ළගාවන බව ද සඳහන් කරති.
මෝටර් රථ, යතුරුපැදි සහ විදුලි ත්‍රීරෝද රථ ඇතුළු විවිධ මාදිලියේ වාහන එකලස් කරන කර්මාන්තශාලා 17 ක් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බවත් එවැනිම වාහන එකලස් කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට නව ආයෝජකයන් 20 කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින බවත් ඔවුහු කියති.
ශ්‍රී ලංකාවේ උපාංග නිපුයුම් අංශය බැටරි, ටයර්, බම්පර්, ආසන, ප්ලාස්ටික් කොටස්, සංයුක්ත කොටස්, ලයිනර්, කම්බි පටි, රබර් උපාංග, සහ ලෝහ උපාංග ඇතුළු උසස් තත්වයේ මෝටර් රථ කොටස් නිෂ්පාදනය කරයි.