වාහන අනයනය සීමා කිරීමට නව රෙගුලාසි පනවයි


(රංජන් කස්තුරි)

රථවාහන අනයනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ.

රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක මුදල් තැන්පතුවක් තිබීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකිරීම එම රෙගුලාසි වේ.

නව රෙගුලාසි හේතුවෙන් වාහන ආනයනය සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැරවීම සැළකිය යුතු අයුරින් අඩුවනු ඇතැයිද එය රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හේතුවනු ඇතැයිද රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.