(ජයන්ත සමරකෝන්)
අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කුඩා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමේ දී පනවා ඇති බදු මුදල රුපියල් ලක්ෂ 8 සිට රුපියල් ලක්ෂ 16 දක්වා ඉහළ දමා තිබිමෙන් එම වාහන ගෙන්වීම ඉල්ලුම හා අවශ්‍යතාවය මත පමණක් සිදුවන බවද එම සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය.
හයිබ්‍රිඩ් වර්ගයේ වැගන් ආර්, කුඩා වර්ගයේ වාහන සඳහා රේගුව විසින් බද්දක් අය කිරිම නිසා එම වාහනවල මිල රුපියල් 25000 කින් ඉහළ ගොස් ඇතැයි ද මේ වන විට එම වාහන ගෙන්වීම මුළුමනින්ම නතර කර ඇතැයි ද ඒ මහතා කීය.
සෑම මසකට වරක් මෝටර් රථ පමණක් මෙතෙක් 4500 ක් පමණ ආනයනය කළ අතර එයින් 1500 ක් වැගන් ආර් රථ බවද ඔහු කීය.