වැගන් ආර් ගෙන්වීම නවතී


(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.

රේගුවේ වර්ගීකරණ කමිටුවේ අත්තනෝමතික තීරණයන් මත වැගන් ආර් හයිබ්‍රිඩ් රථ ලෙස නොව පෙට්‍රල් වාහන ලෙස නිෂ්කාෂණය කිරීම මීට හේතු වී ඇතැයිද ඒ මහතා කීය.

රුපියල්  ලක්ෂ 33කට අලෙවි වන මෙම රථයක් රේගුවේ තීරණයෙන් ලක්ෂ 35කට අලෙවි කිරීමට සිදුවන බවද මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවද සඳහන් කළේය.