වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න කෝටියක ණයක්


(රංජන් කස්තුරි)

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්නන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් සහන පොලි පදනම යටතේ රුපියල් කෝටියක ණය මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

අයෝජනයක් ලෙස වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කර ඒවා මුදල් අය කිරීමේ පදනම මත ක්‍රියාත්මක කරගෙන යාමට අපේක්ෂා කරන්නන්ට එම ණය ඉල්ලුම් කළ හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සියයට 75ක සහන පොලියක් මත රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු මගින් එම ණය නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙරට ජනගහණයෙන් වැඩිහිටි ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර 2050 වන විට මුළු ජනගහණයෙන් සියයට 28ක් වැඩිහිටි ජනගහණයක් අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යාංශය කියයි.