විදුලි තොරතුරු දැනගැනීමට මෘදුකාංගයක්


(බිඟුන් මේනක ගමගේ)
 

ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (ලෙකෝ) සිය පාරිභෝගික සේවා වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් මයි ලෙකෝ MYLECO නමින් මෘදුකාංගයක් (ඇප්) හඳුන්වා දී ඇත.

විදුලි බිල්පත් ගෙවීම, විදුලිය කප්පාදු ගැන තොරතුරු, බිල්පත් ඉතිහාසය, ණය ශේෂ පිළිබඳ කරුණු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දැනගැනීමට මෙමගින් හැකි බව ලංකා විදුලි පෞද්ගලික සමාගම පවසයි.

ඊට අමතරව 1910 කෙටි දුරකථන අංකය මගින් විදුලිය කප්පාදු හා බිඳවැටීම් ගැන තොරතුරු දැනගැනීමට ද පාරිභෝගිකයන්ට හැකියාව ඇත.

මෙම සන්නිවේදන මාර්ග නිසා විදුලි පාරිභෝගිකයන්ට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සේවා සපයන්නන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ යැයි ලෙකෝ සභාපති තිස්ස නානායක්කාර මහතා පවසයි.