විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට යයි


හර්ෂණ තුෂාර සිල්වා

 

මේ වසර අවසන් වනවිට විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

කෙසේ නමුත් එම ප්‍රමාණය තිබිය යුතු යැයි අපේක්ෂිත පහසු විදෙස් සංචිත මට්ටමට වඩා මිලියන 200 ක් අඩු යැයි ද පැවසේ.

නොවැම්බර් 14 වැනි දා වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2 ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.2ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය. 

ඊට පෙර විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් වූ අතර ආසියානු නිශ්කාෂණ ඒකකයේ, නිශ්කාෂණ හේතුවෙන් ඩොලර් මිලියන 500 කින් සංචිත අඩු වී බව ද කුමාරස්වාමි මහතා කීය.