විවේක් සූද් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට


ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස විවේක් සූද් මහතා පත් කර ගත් බව එම සමාගම පවසයි. 
ඒ අනුව ජනවාරි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. එසේම ආසිආටා ඉන්වෙස්ට්මන්ට්ස් (ලබුආන්) ලිමිටඩ් හි නාමික අධ්‍යක්ෂවරයකු ලෙසද පත් කර තිබේ. 
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඉන් ඉවත්වීමත් සමගින්ම හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
මෙම පත්වීම ලබන අවස්ථාව වන විට සූද් මහතා මැලේසියාවේ ආසිආටා ගෘප් බර්හාඩ්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කරයි.