(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරන ලද උත්සාහයට ඇපෙක්ස් ගෝලීය සම්මානය හිමි වී තිබේ .
මෙම සම්මාන උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ දී සැප්තැම්බර් 9 වැනි දා සිට 12 වැනිදා දක්වා පැවත්වා තිබේ.
ඇපෙක්ස් සංවිධානය යනු ගුවන් සේවා සමාගම් , ගුවන් සේවා සැපයුම්කරුවන් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති ලෝකයේ එකම ලාභ නොලබන සාමාජික වෙළෙඳ සංගමයයි .
මෙම තරගාවලිය සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවන් වන කටාර් ගුවන් සේවය, වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය ආදියේ ක්‍රියාකාරකම් ඇගැයීමකට ලක්කර තිබිණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය වෙසක් උළෙල මුල් කරගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ , පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සංවිධානය කර තිබූ වෙසක් දන්සල් සහ වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන මෙම ලෝක ගුවන් සේවා සංගමයේ ඇගැයීමට ලක් වී තිබිණි .
මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්, ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයන්, ඉංජිනේරුවරුන්, විගනකවරුන් මෙන්ම ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කරන්නන් ද සහභාගී වී සිටියහ .
මෙම සම්මානය ඇපෙක්ස් සංවිධානයේ ප්‍රධාන වානිජ නිලධාරී ජෝෂුවා බුස්ටෝස් මහතා අතින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ප්‍රදානය කර තිබේ .