ගම්පහ ජනතාවට පහසුවෙන් ගුවන් ගමන් සේවා ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සිව් වැනි ගුවන් මඟී නියෝජිත කාර්යාලය ගම්පහදී විවෘත කළේය.
ආසන වෙන්කිරීම, ට්කට්පත් අලෙවිය ඇතුළු විශේෂ සේවා ලබා දීම, ගාස්තු තොරතුරු, කාලසටහන් හා පැකේජ සේවා ද ලබාගත හැක.
ගම්පහ කොළඹ පාරේ අංක 302 දරණ තැන පිහිටුවා ඇති මෙම කාර්යාලයේ ශ්‍රීලංකා නියෝජිතයා ලැන්ඩෝට්‍රැවල්ස් (පෞද්ගලික) සමාගයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ලෝක ව්‍යාප්ත අළෙවි නිලධාරී ලාල් පෙරේරා, කලාපීය කළමනාකරු(ශ්‍රීලංකාව සහ මාලදිවයින) සමින්ද පෙරේරා, ප්‍රධාන වානිජ කළමනාකාර ජේ.ටී ජෙයශීලන් සහ ලැන්ඩ්‍රෝ ට්‍රැවල්ස් පෞද්ගලිත සමාගෙමි අධ්‍යක්ෂක ලෝරන්ස් ප්‍රනාන්දු යන නිලධාරීන්ද මේ උත්සවයට එක් වූහ.