ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය සංවිධානය කරනු ලැබු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය වෙනුවෙන් දෙවැනි වරටත් තරු හතර පන්තියේ සේවා ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය.
ලෝකය පුරා සිටින ගුවන් මගීන් ඔවුන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම් ඇගයීමට ලක් කිරීමෙන් මෙම ඇගයුම් ලබා දීමට ගුවන්සේවා මගී අත්දැකීම් සංගමය කටයුතු කරනු ලැබ ඇති අතර ඇගයුමට ලක් කිරීමේදී ගුවන් යානයේ ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi යන සේවා ඇතුළත් කරමින් සංගමය විසින් පත් කරනු ලබන බාහිර විගණන සේවා ආයතනයක සහතිකය මත මෙම ඇගයුම සිදු කර තිබේ.
සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට අමතරව ශ්‍රීලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්,එමිරේට්ස්,සිංගප්පූරු ගුවන් සේවය ,එයාර් නිව්සීලන්ඩ් සහ කැතේ පැසිෆීක් යන ගුවන්සේවා අභිබවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇත.
“2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018 වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ද සම්මාන ද්විත්වයක් ලබාගැනීමට ට සමත් විය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමානයේදී රටවල් 48 ගමනාන්ත 114 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරන අතර වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම් ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
(36698)