(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව යුරෝපය,උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග දක්වා නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 56 ක ගමනාන්ත 127 ක් දක්වා ගුවන් ගමන් මෙහෙයුම් සේවා ව්‍යාප්ත කර තිබේ.
ෆින්ලන්තයේ හෙල්සින්කි, සර්බියාවේ බෙල්ග්‍රේඩ්, හංගේරියාවේ බුඩාපේස්ට්, සයිප්‍රසයේ ලාර්නාකා, පෝලන්තයේ වෝර්සෝ, මොරොක්කෝවේ කැසබ්ලැන්කා, පෘතුගාලයේ ලිස්බන්, ස්වීඩනයේ ගොතන්බර්ග්, බෙල්ජියමේ බ්‍රසල්ස්, ඉතාලියේ වැනීසිය, අසර්බයිජානයේ බාකු, යූක්‍රේනයේ කියෙව්, ජර්මනියේ මියුනිච්, චෙක් ජනරජයේ ප්‍රාග්, අයර්ලන්තයේ ඩබ්ලින්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ මලගා, එක්සත් රාජධානියේ එඩින්බරෝ සහ බර්මින්හැම්, ග්‍රීසියේ ඇතැන්ස් සහ තෙසලෝනිකි, තුර්කියේ අන්කාරා, ඉස්තාන්බුල් (සබීහා), ඇන්ටාලියා සහ ඉස්මීර්, බ්‍රසීලයේ සාඕ පවුලෝ, කැනඩාවේ මොන්ට්‍රියල්, එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී., චිකාගෝ, හූස්ටන් සහ බොස්ටන් යන රටවල ගුවන් තොටුපළ වෙත මෙම නවතම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරේ.