(ටී.කේ.ජී.කපිල )
ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ 2019 සම්මාන උළෙලේ දී ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය සමත් වී තිබේ.
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය , ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.
එම ආයතනය ලොව පුරා ඇති ප්‍රධාන ගුවන් සේවා සමාගම් 24 ක් සඳහා මෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සහ ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන සැපයීම ද සිදු කරයි.
ශ්‍රී ලන්කන් කේටරින් වෙත හිමි වූ මෙම රන් සම්මානය කථානායක කරු ජයසූරිය මහතා අතින්, ශ්‍රී ලන්කන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා ලබා ගත් අතර , එම අවස්ථාවට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ තවත් නිලධාරීyq පිරිසක් ද එක් වී සිටියහ.