ශ්‍රී ලන්කන් වවිනියාවටත් යයි


දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි  කාර්යාල පිහිටුවීම සඳහා වූ ඉහළ යන ඉල්ලුම හමුවේ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්හි නවතම මගී අලෙවි කාර්යාලය ඊයේ වවුනියාවේ දී විවෘත කරනු ලැබිය.
 වව්නියාවේ ජනතාවට සෑම අලෙවි කටයුත්තක් සඳහා ම සෘජුව සහභාගී වීමේ අවස්ථාව සලසමින් මෙම වසරේ දී නිල වශයෙන් විවෘත වූ පස් වැනි මගී අලෙවි නියෝජිත කාර්යාලය මෙයයි.
නව  කාර්යාලය විවෘත කිරීම මගින්, සියලූ අළෙවි සේවා වවිනියා නගරයේ ජනතාව වෙත කෙලින්ම සමීප කෙරේ.  නව කාර්යාලය  ආසන වෙන්කිරීම, ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම,  විශේෂ සේවා ලබා දීම, ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම, කාලසටහන් හා පැකේජයන් පිළිබඳ සේවාවන් ලබාදීමි වලට සරිලන සේවා සැපයීමට අවශ්‍ය නවීන පහසුකමි වලින් සමන්විතය.

වවුනියාවේ  පළමුවන හරස් වීදියේ  අංක 608/1 දරණ ස්ථානයේ පිහිටි ඇට්ලස් ලංකා  පෞද්ගලික සමාගම සිය මගී අලෙවි නියෝජිත  මෙහෙයුම්කරු ලෙස ශ්‍රී ලන්කන් මඟින් පත්කරනු ලැබ ඇත.
නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට  ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ලෝක ව්‍යාප්ත අළෙවි ප්‍රධානී  ලාල් පෙරේරා, කලාපීය කළමනාකරු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමින්ද පෙරේරා, ප්‍රධාන වානිජ කළමනාකාර ජේ.ටී ජෙයශීලන් යන මහත්වරුන් සහභාගී වූහ.