ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශයට සම්මානයක්


(ටී.කේ.ජී.කපිල)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලය ලෝකඩ පදක්කමක් සහ කුසලතා සම්මානයක් දිනාගෙන තිබේ.

කොළඹ ගලදාරි හෝටලයේ දී මෙම සම්මාන උත්සවය පැවැත්විණි. මෙම සම්මාන උළෙල බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශය  විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද වැඩසටහනකි .

එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අභ්‍යන්තර සංවර්ධිත යෙදුම වන" ifleet " සදහා ලෝකඩ පදක්කමත්, ශ්‍රී ලන්කන් කාර්යය  මණ්ඩල  සංචාරක යෙදුම වන "charika" සදහා කුසලතා සම්මානයත් හිමි වී තිබේ  .

කාලීන පියාසැරි තත්ත්වයන්, මගී බර ප්‍රමාන , කාර්ය මණ්ඩල තොරතුරු සහ ගුවන්යානා නඩත්තු කාල සටහන් ifleet මෘදුකාංගය තුළ ඇතුළත් ව ඇති අතර, ගුවන් යානා ප්‍රවේශ පත්‍ර, ගෙවීම් කටයුතු පිළිබඳ තොරතුරු charika  මෘදුකාංගය තුළ අඩංගු වී ඇත.

ශ්‍රී ලංකාවේ හොඳම සංවිධාන ගෝලීය තාක්ෂණ වෙළඳපොළ අත්පත් කර ගැනීමේ ජාතියේ හැකියාව මෙමගින්  අගය කිරීමට ලක් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවිධානය 120 ක්, නවීන තොරතුරු තාක්ෂණ නිෂ්පාදනය 250 වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.   

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහ එක්සත් රාජධානිය රාජධානියේ  තොරතුරු තාක්ෂණ ආයතනය ආයතනයේ සභාපති මයිකල් ග්‍රාන්ට් මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වී සිටියහ.