(මුදිතා දයානන්ද)
සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ගේ බලපත‍්‍ර අලූත් කිරිමේ එක්දින සේවාව හෙට (05) සිට ආරම්භ වන බව සංචාරක, වනජීවි හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (04) පැවසීය.
බලපත‍්‍ර අලූත්කර ගැනීමට පිටපළාත් වලින් පැමිණෙන සංචාරක කර්මාන්තකරුවන්ට කොළඹට දින හතර පහක් පැමිණ රස්තියාදුවීමට සිදුවන බවට නැගෙන චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරිමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම එක්දින සේවාව අලූතෙන් බලපත් සඳහා අයදුම් කරන අයටද ඉදිරියේදි සැපයීමට බලාපොරොත්තු වන බවද අමරතුංග මහතා පැවසීය.
ශ‍්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් උපාලි රත්නායක මහතා අදහස් දක්වමින් බලපත‍්‍ර අලූත් කරගැනීමට එක්දින සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවශ්‍ය අයදුම්පතේ ආකෘතිය හා අනෙකුත් ලිපිලේඛන පිළිබඳ තොරතුරු හා උපදෙස් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බව පැවසීය.
වැඩකරන සෑම දිනකම පෙරවරු 10.00ට පෙර අයදුම් පත් ඉදිරිපත් කරන සෑම අයෙකුටම එදිනම පස්වරු 3.30ත් 4.15ත් අතර බලපත‍්‍රය ලබාගත හැකි බවද රත්නායක මහතා පැවසීය.ඉදිරිපත් වන අයදුම් පත් පරීක්ෂා කිරිම සඳහා ඊට අදාල ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායම් හතරක් යොදවනු ලබන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සංචාරක අධික්ෂණ මන්ත‍්‍රී සුජිත් පෙරේරා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ජොහාන් ජයරත්න, ප‍්‍රමිති හා තත්ත්ව ආරක්ෂණ අධ්‍යක්ෂිකා තරංගා රූපසිංහ යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
සංචාරක කර්මාන්තකරුවන්ගේ බලපත් අලුත් කිරීම හෙට සිට
Recommended Articles