සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට ‘සහන පැකේජයක්’


(රංජන් කස්තුරි)
 
පාස්කු ඉරිදා සිදුවීමෙන් කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය යළි කඩිනමින් නගා සිටුවීම සඳහා ‘සහන පැකේජයක්’ ලබාදීමට රජය තීරණය කර තිබේ.
 
ඒ අනුව සංචාරක ව්‍යාපාරිකයින්ට ඉකුත් මාර්තු මස 31 වැනිදින සිට 2020 වසරේ අප්‍රේල් මාසය දක්වා වසරක කාලයක් යනතුරු බැංකු ණය නොගෙවීමට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව වැඩබලන මුදල් ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
 
මීට අමතරව සංචාරක ව්‍යාපාරයන්හි කාරක ප්‍රාග්ධනය මත වාණිජ බැංකු හරහා ණයක් ලබාදීමටත් එම ණය සඳහා 3.4%ක සහන පොලියක් අයකිරීමටත් නියමිත බවද ඔහු කීය.
 
මෙතෙක් සංචාරක ව්‍යාපාරයෙන් අයකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක වන පරිදි 5% දක්වා අඩුකළ බවද ඔහු පැවසීය.