( තිළිණි ද සිල්වා )
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, සංචාරක වාසස්ථාන සඳහා ලබා දී ඇති විදුලි බිල්පත් සහනය තවත් මාස 06ක් සඳහා දීර්ඝ කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සම්බන්ධෙයන් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ලිඛිතව මෙම ඉල්ලීම විදුලි බල මණ්ඩලයට යොමුකර ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති බවත් එය තවමත් යථාතත්වයට පත්ව නොමැති බැවින් අඳාල සහනය තවත් මාස 06කට දීර්ඝ කිරීමට සලකාබලන ලෙසත් අඳාල ලිපිය මගින් ඉල්ලීම් කර ඇතැයි ඇමතිවරයා කියයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා වාසස්ථාන සඳහා කිසිඳු විසන්ධි කිරීමකින් තොරව මාස 06ක කාලයක් සමුච්චිත ජල හා විදුලිබිල් පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. ඒ අනුව විදුලි බල මණ්ඩලය 2020 මාර්තු මස 01 දින සිට අගෝස්තු 31 දක්වා වන විදුලිබිල් පත් 2020 සැප්තැම්බර් 01 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි වාරික 12කින් ගෙවීම සිදුකිරීම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස හා එතෙක් විදුලිය විසන්ධි නොකරන ලෙස සියලු ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරුන්ට උපදෙස් දී තිබිණ.