( තිළිණි ද සිල්වා )
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම් පහළ යන අවස්ථාවන්හී දි එම සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩිපුර ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙරට ප්‍රධාන සංචාරක පාර්ශ්වකරුවන් සමඟ එක්ව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි එම කාර්යාංශය කියා සිටී.
මෙම නව ප්‍රවර්ධන වැඩසටහන හරහා සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී දිවයින පුරා ඇති සංචාරක හෝටල් මගින් සංචාරකයින්ට විශේෂ වට්ටමකින් ඇමෙරිකා ඩොලර් ඩොලර් 99 ක වැනි අඩු මුදලකට දින 4 ක විශේෂ සංචාරක පැකේජයක් ලබා දීමට සැලසුම් කර ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මෙම නව සංචාරක පැකේජය දැනට පවතින ගාස්තු අනුව සියයට 40 - 50 අඩු කිරීමක් බවත් ල ඊට ශ්‍රී ලන්කන්, එමිරට්ස් හා කටාර් ගුවන් සේවාවන් විසින්ද සංචාරකයින්ට විශේෂ වට්ටම් ලබා දීමට අදහස් කර ඇතගමෙම ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියර ඉන්දියාවල චීනය හා මැද පෙරදිග ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ගැන අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ මෙය කර්මාන්ත පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහායත් සමග අප රටේ පවත්වන ප්‍රථම සැලසුම් සහගත හා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනයි.
අපගේ අරමුණ සංචාරක පැමිණීම් අඩු සැප්තැම්බර් හා නොවැම්බර් මාස හා අප්‍රේල් හා ජුනි මාස අතර සංචාරක පැමිණීම් ඉහළ මට්ටමකට ගෙන ඒමයි. නමුත් එම වැඩිවීම ක්ෂණිකව සිදු වේ යයි අප අපේක්ෂා නොකළ යුතු බවය.
සිංගප්පූරුවල ඩුබායි වැනි රටවල් මෙවැනි වැඩසටහන් සාර්ථකව හදුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේ මම ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය අනුව තදුරටත් එහි වෙනස් කම් සිදුකරමින් සාර්ථක කර ගැනීමට කටයුතු කරනවා” යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තව දුරටත් පැවසීය.