(තිළිණි ද සිල්වා )
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවයින පුරා අලූතින් සංචාරක පොලිස් ඒකක 22 ක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාවලදී මුහුණ පෑමට සිදුවන අපහසුතාවයන් වාර්තා කිරීමට සහ ඒ සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ඒකක ස්ථාපත කරන බවද එම අධිකාරිය කියා සිටී.
සංචාරක පොලිස් ඒකක 11ක් රට පුරා පවතින අතර සංචාරකයින් පැමිණීම ඉහළ යෑම හේතුවෙන් නව සංචාරක පොලිස් ඒකක පිහිටුවන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.
මෙම නව සංචාරක පොලිස් ඒකක පිහිටුවීමේදී ඉඩම් පහසුකම් සොයා ගැනීම දුෂ්කරතා ඇතිවූ හෙයින් , ඊට පිළියම් වශයෙන් කුඩා ඉඩම් ප‍්‍රමාණයක බහාලූම් (කන්ටේනර් ) භාවිත කර සංචාරක පොලිසි පිහිටුවීමට බලාපොරොත්තු වන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
මෙම එක් ඒකකයට බහාලූම් 4 ක් පමණ භාවිත කරන අතර ,පොලිසියට අවශ්‍ය සියලූ පහසුකම්, ස්ථානාධිපති කාර්යාලය, නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් යනාදී සියල්ල මෙම පොලිස් ඒකකයට අන්තර්ගත වන බවද එම අධිකාරිය කියා සිටී.
මෙම එක් පොලිස් ඒකකයක් සඳහා සියලූ ගෘහ භාණ්ඩ, උපාංග සහිතව රු. මිලියන 05 ක පිරිවැයක් දරණ අතර මෙහි නියමු ව්‍යාපෘතිය ඉකුත් 22 වැනිදා මිරිස්සේදී දියත් කෙරිණි.