2018 වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස පැලැටිනම් සම්මානය හිමිකරගත් නුගේගොඩ සක්යා ආයතනයේ හිමිකරු වන බණ්ඩාර දිසානායක මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කළමනාකරණ හා වාණිජ පීඨයේදී අද (26) පැවැත්විණි.
එම විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම උත්සවයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සමපත් අමරතුංග,එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපති යූ. අරුණ කුමාර යන මහත්වරු අතින් උපහාර පරිනැමූ අතර මීට පෙර සම්මාන හිමිකරගනිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කීර්තියක් ගෙනදුන් වෑගපිටිය, රවී ලියනගේ යන මහත්වරුන්ද ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිරිනැමීමක් සිදුකෙරිණි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර