සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී.
මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියා ගොඩනැගීම සහ සේවකයන් සඳහා පුද්ගල ප්‍රතිරූපය (personal branding) වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන වැඩසටහන්වල වැදගත්කම පිළිබිඹු කළේය. තවද සිය සේවකයන්ගේ හැකියා වර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි කැපවීම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසීය. “දියුණු වීමට සහ ඉගෙනීමට අපගේ සේවක සේවිකාවන්ගේ ඇති කැපවීම අපගේ සාර්ථකත්වයට හේතුවයි. Sunshine Spotlight හිදී අප ඔවුන්ගේ ජයග්‍රහණ අගයන අතරතුර ‘Base Camp’ iy ‘Best to Brand’ වැනි වැඩසටහන් මගින් ශක්තිමත් සහ අලුත් විදියට හිතන ශ්‍රම බලකායක් අනාගතය සඳහා සූදානම් කරනු ලබනවා. අපගේ සේවක සේවිකාවන් සවිබල ගැන්වීමෙන් අපි අපගේ පාරිභෝගිකයන්, ප්‍රජාව සහ ජාතිය උදෙසා කල්පවත්නා වටිනාකමක් නිර්මාණය කරනවා.”
සමාගමේ දිගුකාලීන ඉලක්කවලට අනුකූලව සේවක හැකිය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රමුඛ වැඩසටහන් දෙකක් වන ‘Base Camp’ iy ‘Best to Brand’ යන වැඩසටහන් මෙම උත්සවයේදී ඇගයීමට ලක් විය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) විධායක සංවර්ධන වැඩසටහන සමඟ එක්ව මෙම Base Camp වැඩසටහන පවත්වන ලදී. එය සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි තිරසාර වර්ධනය සහ කර්මාන්ත නායකත්වය පිළිබඳ දැක්මට සහාය වීම සඳහා උසස් කළමනාකාරිත්ව සහ නායකත්ව කුසලතාවලින් ඔවුන් සන්නද්ධ වීමට කදිම වේදිකාවක් වූ අතර මෙම වැඩසටහනේදී සේවක සේවිකාවෝ 43 දෙනෙක් පුහුණුව ලැබූහ.
Sunshine Consumer හි විකුණුම් කණ්ඩායම් සඳහා සකස් කරන ලද මාස හතක වැඩසටහනක් වන Best to Brand වැඩසටහනේ අරමුණ වූයේ රැකියාව හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාම තුළින් පුද්ගල ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම, කණ්ඩායම් කළමනාකරණය සහ නායකත්ව කුසලතා ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමයි.