(අජන්ත කුමාර අගලකඩ)
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා වූ සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් අද(07) ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ 40%ක සෙස් බද්ද ඉවත් කෙරෙනු ඇත.
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 40%ක සෙස් බද්දක් පැවැතීමට එරෙහිව සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ විරෝධය පළ කර තිබිණි.