සෙලාන් බැංකුව, පසුගියදා නිමාවූ 2024 සබරගමුව පළාත් ‘වසරේ හොඳම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය.
සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස මෙම සම්මාන උළෙල සැලකේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව පළාතේ ආර්ථික සංවර්ධනය උදෙසා එම පළාතේ ව්‍යවසායකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කිරීම ය. ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් වන මෙහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබන්නේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසිනි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල සහ අතිවිශාල පරිමාණ සමාගම්ද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.
මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව, වසරේ ආබාධ සහිත ව්‍යවසායකයා/ව්‍යවසායිකාව සහ වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා/ව්‍යසායිකාව යන කාණ්ඩ යටතේ විශේෂ සම්මාන පිරිනැමිණි. තවද නිෂ්පාදන, සේවා, වෙෙළඳාම් හා කෘෂිකාර්මික යන අංශ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, තේ නිෂ්පාදන, සංචාරක සහ නව්‍ය ව්‍යාපාරික යනාදී අංශ යටතේ මෙහිදී විශේෂ සම්මාන කිහිපයක්ද පිරිනමනු ලැබීය.
සබරගමු පළාත් ’වසරේ හොඳම ව්‍යවසායකයා’ සම්මාන උළෙලට සෙලාන් ශක්තිය
Recommended Articles