සරසවි නව නිපැයුම්වලට පෞද්ගලික ආයෝජන සහාය


(බිඟුන් මේනක ගමගේ )

විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කරදීම සඳහා වැඩපිළිවෙළක් ජාතික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.

විශ්ව විද්‍යාල පහළොවක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක හා ජාතික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වන සේ මෙම වැඩපිළිවෙළ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැගේ.

පෞද්ගලික අංශ සමාගම්වල ආයෝජන සහාය නව නිපැයුම් සඳහා ලබාදීමේදී ජාතික සංවර්ධන අධිකාරිය පහසුකම් සපයන්නෙකු සේ කටයුතු කෙරෙන අතර කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස් යන සමාගම් ඊට අදාළ මූලික සාකච්ඡාවලට සහභාගී වී ඇත.